Search This Blog

Saturday, August 11, 2018


                    ස්ට්ව් ජොබ්ස් හා ඇපල් සමාගම







අද ලෝකයේ පවතින දැවැන්ත සමාගම් පිළිබද ලේඛනයක් සකස් කරන්නේ නම් ඇපල් සමාගම එහි ඉහලින්ම වැජඹෙනු ඇත. වර්ෂ 1976 අප්‍රේල් 01 වනදා, ස්ටීව් ජොබ්ස්, රොනල්ඩ් වේන් හා ස්ටීව් වොස්නියාක් යන තිදෙනා විසින් කැලිෆෝනියාවේදී ආරම්භ කරන ලද ඇපල් සමාගම, පරිගණක උපාංග, මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත්ව අවසන්. ඇපල් තාක්ෂණික උපාංග බිලියනකට අධික ප්‍රමාණයක් ලොව පුරා භාවිතා වන අතර එහි වත්කම් ප්‍රමාණය ඇමරිකානු රජයටත් වඩා වැඩි බව වාර්තා වනවා.ලෝකය අලුත් මගකට යොමු කල මෙම මිනිසා උපත ලබන්නේ 1955 වර්ෂයේදී ය .ජෝබ්සේ මව විසින් මොහු හදාගැනීම සදහා මධ්‍යම ප්‍රාන්තිකයන් වන ජොබ්ස් යුවළට භාර දීමට  මව වන ජොහානා විසින් කටයුතු කරනවා .                




                        (හදාගත් පියා සමග )


පාසල් කාලයේ දී ඔහුට තම ප්‍රියතම මිතුරා වන ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තදින් ඇළුම් කළ ස්ටීවන් වොස්නියැක් හමු වෙනවා.වයස අවුරුදු 19 දී මොහු සරසවියට ඇතුලත් වුවත් මස 6 කින් ඉන් ඉවත් වනවා .1974 දී ජොබ්ස් සාමාන්‍ය කාර්මිකයෙකු ලෙස “අවාරි” සමාගමට එකතු වෙනවා .එය වීඩියෝ ක්‍රීඩා සම්බන්ද ආයතනයක් .මොහුගේ මිතුරා වූ වොස්නියක් මෙම කාලයේදී HP සමාගමේ සේවයට එකතු වී සිටි අතර ඔහු තමන්ගේම පරිගණකයක් නිර්මානය කිරීමේ කාර්යේ නියෙලි සිටියා .මේ සදහා මුදල් සොයා දෙනු ලැබුවේ ජොබ්ස් විසිනි .ඒ තම පවුල සතු වූ වොක්ස්වැගන් වැන් රථය විකුණා ලබාගත් ඩොලර් 1000 ක මුදලක් යෙදවීමෙන් .මෙම නිශ්පාදන කටයුතු සිදු කලේ ජෝබ්ස්ගේ නිවසේ ගරාජය තුලය .මෙම නිශ්පාදන ව්‍යාපාරය 1976 අප්‍රේල් 01 වන දින ආරම්භ කරන අතර ඒ  සදහා “ඇපල්” යන නම භාවිතා කර ඇත.මොහුන් නිපදවූ පළමු පරිගණකය වන “ඇපල් 1”පර්ගනකයේ තිබී ඇත්තේ HP පරිගණක වල කොටස්ය . එය සාර්ථක වීමත් එක්ක Apple 2 නිර්මාණය කර ඩොලර් 300ක මුදලකට අලෙවි කරන්නට් විය. එය 4kb රැම් මතකයකින් යුත් පරිගණකයක් විය. ස්ටීව් ජොබ්ස් රෝලන්ඩ් හා එක්ව සමාගමේ පලමු ලාංචනය නිර්මාණය කරන ලදි. එහි තිබුනේ ඇපල්ගසක් යට සිටින අයිසැක් නිව්ටන් යැයි සිතිය හැකි මිනිසෙකි. ටික කාලෙකින් රෝලන්ඩ් සමාගමෙන් ඉත් වීමෙන් පසු ඇපල් ගෙඩියක කෑල්ලක් කා දමා ඇති අයුරෙන් ලාංචනය නිර්මාණය කර එයට දේදුන්නේ වර්ණ දමන ලදි.



1977 -1978 කාලයේදී සමාගම ඉතා වේගයෙන් වර්ධනය වී ඇත.පරිගණක ක්‍ෂේත්‍රයේ විවිධ තරග කරුවන් නැගී සිටීම ,ලෝකයම තොරතුරු යුගයට ගමන් කිරීම ,පාරිභෝගික අවශ්‍යතාවයන් වේගයෙන් ඉහල යාම,ගෝලීය වෙළදපොළවල් බිහිවීම මෙයට හේතු වීය . 1980 මැයි මාසයේ දී ඇපල් 3 පරිගණකය වෙළඳ පොළට හඳුන්වා දුන්නත් එය එතරම් සාර්ථක වන්නේ නෑ. ආරම්භ කර වසර හතරකින් ලොව පුරා ඉතා ප්‍රසිද්ධ වූ ඇපල් සමාගම වසර හතරකට පසුව එහි වටිනාකම ඩොලර් කෝටි 179ක් දක්වා වර්ධනය කර ගන්නවා. ලෝකයේ මහා විපර්යාසයක් ඇතිකල ඇපල් මැකින්ටොශ් පරිගණක 1984 දී ඔහු අතින් බිහිවිය. එය ලෝව මහත් පෙරලියක් ඇතිකලේ එය ලොව ප්‍රථම GUI -(graphical user interface) එකක් එනම් අපි අද භාවිතා කරන අයිකන් හා මවුස්පොයින්ටරයක් තිබූ ප්‍රථම පරිගණකයක් වීම නිසයි. අදටත් ඇපල් I Mac යනු ලොව බැබලෙන පරිගණකයකි.


1986දී ජෝබ්ස්ට ඇපල් සමාගමෙන් ඉවත්වීමට සිදුවුනේ ආයතනයේ පරිපාලන ප්රශ්නයක් නිසාය. එයින් ඉවත් වූ ඔහු Next step නමින් නව සමාගමක් ඇරබිය. WWW හෙවත් world wide web ආරම්භය ද සිදුකලේ මෙම Next පරිගණකයකය. පසුව pixar.inc නම් කාටුන් නිශ්පාදන ආයතනයක් ඔහු ආරම්භ කලේය. එම ආයතනයෙන් නිපදවූ Toy Story වැනි කාටුන් චිත්රපට ලොව පුරා ප්රසිද්ධ විය. ඒවනවිට Gil amelio යටතේ තිබූ ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස්ව next ආයතනයත් සමගම මිලදී ගන්නා ලදි. නැවතත් ස්ටීව් ජොබ්ස් එහි ප්‍රධාන විධායක නිළධාරියා බවට පත් විය. 2003දී ඔහු I pod උපකරණ හදුන්වා දෙනලදි . i phone , i pads, i pods, වැනි නිශ්පාදන සමගින් නැවතත් එම ආයතනය නගාසිටුවන්නට ඔහුට හැකි විය . 2003 දී ඔහුට ආමාශයේ පිලිකාවක් වැලදුනි. ඔහු 56 වැනි වියේදී ඇපල් සමාගමෙන් ඉවත් වුනේය.2011 ඔක්තෝබර් 05 වන දින ඔහු අකාලයේ මියගිය අතර ඔහු මියයනවිටත් ලෝකය නව ලොවකට රැගෙන ගොස් අවසන් ය. i phone, i pods, i pads, i mac පරිගණක , i watch වැනි දහසකුත් නිමැවුම් බිහිකල ජොබ්ස් නොමැකෙන නමක ලෝකයේ සටහන් කර ඇත .Apple iphone පෙලෙහි අලුත්ම මාදිලිය වූ Apple Iphone 7 දුරකථනය පසුගිය දා එලිදැක්වීය, ඒ නව තාක්ෂණයන් රැසක් ලොවට දායාද කරමිනි.






                     (ඇපල් 1 පරිගණකය )

මෙම සමාගම මුල් වසර 30 දී “ඇපල් පරිගණක සමාගම ” ලෙස හැදින්වූ අතර ඔවුන්ගේ නිශ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා “ඇපල් සමාගම”ලෙස හදුන්වනු ලැබේ .



ඇපල් සමාගම 2007 ජුනි මස 29 වැනිදා ස්ටිව් ජොබ්ස් විසින් සැන්ෆැන්සිස්කෝ හි මැක්වර්ල්ඩ් ශාලාවේදි ප්‍රථම ඇපල්iPhone ය ලොවට ප්‍රථම වතාවට  හදුන්වා දෙන ලදී . එකල එය මැජික් ෆෝනයක් ලෙස හදුන්වා දුන් අතරම සාමාන්‍ය දුරකතනයකට වඩා අවුරුදු 05 ක් ඉදිරියෙන් සිටින්නක් බවද ප්‍රචාරය වෙමින් තිබුණි . එතැන් සිට අද දක්වා ඇපල් දුරකථනය විවිධ වෙනස්කම් ඔස්සේ නිකුත් කර ඇති අතර එලෙස නිකුත් කරන ලද කාල පරාසයන් පහත දැක්වෙයි .

2007  iPhone 2G
2008  iPhone 3G
2009  iPhone 3GS
2010  iPhone 4
2011  iPhone 4S
2012   iPhone 5
2013  iPhone 5S
          iPhone 5C
2014  iPhone 6/6 Plus
2015  iPhone 6S / 6S Plus
2016          iPhone SE
                   iPhone 7/7 Plus
2017           iPhone 8/8 Plus
                    iPhone X

No comments:

Post a Comment