Search This Blog

Saturday, August 11, 2018


                    ස්ට්ව් ජොබ්ස් හා ඇපල් සමාගම







අද ලෝකයේ පවතින දැවැන්ත සමාගම් පිළිබද ලේඛනයක් සකස් කරන්නේ නම් ඇපල් සමාගම එහි ඉහලින්ම වැජඹෙනු ඇත. වර්ෂ 1976 අප්‍රේල් 01 වනදා, ස්ටීව් ජොබ්ස්, රොනල්ඩ් වේන් හා ස්ටීව් වොස්නියාක් යන තිදෙනා විසින් කැලිෆෝනියාවේදී ආරම්භ කරන ලද ඇපල් සමාගම, පරිගණක උපාංග, මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත්ව අවසන්. ඇපල් තාක්ෂණික උපාංග බිලියනකට අධික ප්‍රමාණයක් ලොව පුරා භාවිතා වන අතර එහි වත්කම් ප්‍රමාණය ඇමරිකානු රජයටත් වඩා වැඩි බව වාර්තා වනවා.ලෝකය අලුත් මගකට යොමු කල මෙම මිනිසා උපත ලබන්නේ 1955 වර්ෂයේදී ය .ජෝබ්සේ මව විසින් මොහු හදාගැනීම සදහා මධ්‍යම ප්‍රාන්තිකයන් වන ජොබ්ස් යුවළට භාර දීමට  මව වන ජොහානා විසින් කටයුතු කරනවා .                




                        (හදාගත් පියා සමග )


පාසල් කාලයේ දී ඔහුට තම ප්‍රියතම මිතුරා වන ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තදින් ඇළුම් කළ ස්ටීවන් වොස්නියැක් හමු වෙනවා.වයස අවුරුදු 19 දී මොහු සරසවියට ඇතුලත් වුවත් මස 6 කින් ඉන් ඉවත් වනවා .1974 දී ජොබ්ස් සාමාන්‍ය කාර්මිකයෙකු ලෙස “අවාරි” සමාගමට එකතු වෙනවා .එය වීඩියෝ ක්‍රීඩා සම්බන්ද ආයතනයක් .මොහුගේ මිතුරා වූ වොස්නියක් මෙම කාලයේදී HP සමාගමේ සේවයට එකතු වී සිටි අතර ඔහු තමන්ගේම පරිගණකයක් නිර්මානය කිරීමේ කාර්යේ නියෙලි සිටියා .මේ සදහා මුදල් සොයා දෙනු ලැබුවේ ජොබ්ස් විසිනි .ඒ තම පවුල සතු වූ වොක්ස්වැගන් වැන් රථය විකුණා ලබාගත් ඩොලර් 1000 ක මුදලක් යෙදවීමෙන් .මෙම නිශ්පාදන කටයුතු සිදු කලේ ජෝබ්ස්ගේ නිවසේ ගරාජය තුලය .මෙම නිශ්පාදන ව්‍යාපාරය 1976 අප්‍රේල් 01 වන දින ආරම්භ කරන අතර ඒ  සදහා “ඇපල්” යන නම භාවිතා කර ඇත.මොහුන් නිපදවූ පළමු පරිගණකය වන “ඇපල් 1”පර්ගනකයේ තිබී ඇත්තේ HP පරිගණක වල කොටස්ය . එය සාර්ථක වීමත් එක්ක Apple 2 නිර්මාණය කර ඩොලර් 300ක මුදලකට අලෙවි කරන්නට් විය. එය 4kb රැම් මතකයකින් යුත් පරිගණකයක් විය. ස්ටීව් ජොබ්ස් රෝලන්ඩ් හා එක්ව සමාගමේ පලමු ලාංචනය නිර්මාණය කරන ලදි. එහි තිබුනේ ඇපල්ගසක් යට සිටින අයිසැක් නිව්ටන් යැයි සිතිය හැකි මිනිසෙකි. ටික කාලෙකින් රෝලන්ඩ් සමාගමෙන් ඉත් වීමෙන් පසු ඇපල් ගෙඩියක කෑල්ලක් කා දමා ඇති අයුරෙන් ලාංචනය නිර්මාණය කර එයට දේදුන්නේ වර්ණ දමන ලදි.



1977 -1978 කාලයේදී සමාගම ඉතා වේගයෙන් වර්ධනය වී ඇත.පරිගණක ක්‍ෂේත්‍රයේ විවිධ තරග කරුවන් නැගී සිටීම ,ලෝකයම තොරතුරු යුගයට ගමන් කිරීම ,පාරිභෝගික අවශ්‍යතාවයන් වේගයෙන් ඉහල යාම,ගෝලීය වෙළදපොළවල් බිහිවීම මෙයට හේතු වීය . 1980 මැයි මාසයේ දී ඇපල් 3 පරිගණකය වෙළඳ පොළට හඳුන්වා දුන්නත් එය එතරම් සාර්ථක වන්නේ නෑ. ආරම්භ කර වසර හතරකින් ලොව පුරා ඉතා ප්‍රසිද්ධ වූ ඇපල් සමාගම වසර හතරකට පසුව එහි වටිනාකම ඩොලර් කෝටි 179ක් දක්වා වර්ධනය කර ගන්නවා. ලෝකයේ මහා විපර්යාසයක් ඇතිකල ඇපල් මැකින්ටොශ් පරිගණක 1984 දී ඔහු අතින් බිහිවිය. එය ලෝව මහත් පෙරලියක් ඇතිකලේ එය ලොව ප්‍රථම GUI -(graphical user interface) එකක් එනම් අපි අද භාවිතා කරන අයිකන් හා මවුස්පොයින්ටරයක් තිබූ ප්‍රථම පරිගණකයක් වීම නිසයි. අදටත් ඇපල් I Mac යනු ලොව බැබලෙන පරිගණකයකි.


1986දී ජෝබ්ස්ට ඇපල් සමාගමෙන් ඉවත්වීමට සිදුවුනේ ආයතනයේ පරිපාලන ප්රශ්නයක් නිසාය. එයින් ඉවත් වූ ඔහු Next step නමින් නව සමාගමක් ඇරබිය. WWW හෙවත් world wide web ආරම්භය ද සිදුකලේ මෙම Next පරිගණකයකය. පසුව pixar.inc නම් කාටුන් නිශ්පාදන ආයතනයක් ඔහු ආරම්භ කලේය. එම ආයතනයෙන් නිපදවූ Toy Story වැනි කාටුන් චිත්රපට ලොව පුරා ප්රසිද්ධ විය. ඒවනවිට Gil amelio යටතේ තිබූ ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස්ව next ආයතනයත් සමගම මිලදී ගන්නා ලදි. නැවතත් ස්ටීව් ජොබ්ස් එහි ප්‍රධාන විධායක නිළධාරියා බවට පත් විය. 2003දී ඔහු I pod උපකරණ හදුන්වා දෙනලදි . i phone , i pads, i pods, වැනි නිශ්පාදන සමගින් නැවතත් එම ආයතනය නගාසිටුවන්නට ඔහුට හැකි විය . 2003 දී ඔහුට ආමාශයේ පිලිකාවක් වැලදුනි. ඔහු 56 වැනි වියේදී ඇපල් සමාගමෙන් ඉවත් වුනේය.2011 ඔක්තෝබර් 05 වන දින ඔහු අකාලයේ මියගිය අතර ඔහු මියයනවිටත් ලෝකය නව ලොවකට රැගෙන ගොස් අවසන් ය. i phone, i pods, i pads, i mac පරිගණක , i watch වැනි දහසකුත් නිමැවුම් බිහිකල ජොබ්ස් නොමැකෙන නමක ලෝකයේ සටහන් කර ඇත .Apple iphone පෙලෙහි අලුත්ම මාදිලිය වූ Apple Iphone 7 දුරකථනය පසුගිය දා එලිදැක්වීය, ඒ නව තාක්ෂණයන් රැසක් ලොවට දායාද කරමිනි.






                     (ඇපල් 1 පරිගණකය )

මෙම සමාගම මුල් වසර 30 දී “ඇපල් පරිගණක සමාගම ” ලෙස හැදින්වූ අතර ඔවුන්ගේ නිශ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා “ඇපල් සමාගම”ලෙස හදුන්වනු ලැබේ .



ඇපල් සමාගම 2007 ජුනි මස 29 වැනිදා ස්ටිව් ජොබ්ස් විසින් සැන්ෆැන්සිස්කෝ හි මැක්වර්ල්ඩ් ශාලාවේදි ප්‍රථම ඇපල්iPhone ය ලොවට ප්‍රථම වතාවට  හදුන්වා දෙන ලදී . එකල එය මැජික් ෆෝනයක් ලෙස හදුන්වා දුන් අතරම සාමාන්‍ය දුරකතනයකට වඩා අවුරුදු 05 ක් ඉදිරියෙන් සිටින්නක් බවද ප්‍රචාරය වෙමින් තිබුණි . එතැන් සිට අද දක්වා ඇපල් දුරකථනය විවිධ වෙනස්කම් ඔස්සේ නිකුත් කර ඇති අතර එලෙස නිකුත් කරන ලද කාල පරාසයන් පහත දැක්වෙයි .

2007  iPhone 2G
2008  iPhone 3G
2009  iPhone 3GS
2010  iPhone 4
2011  iPhone 4S
2012   iPhone 5
2013  iPhone 5S
          iPhone 5C
2014  iPhone 6/6 Plus
2015  iPhone 6S / 6S Plus
2016          iPhone SE
                   iPhone 7/7 Plus
2017           iPhone 8/8 Plus
                    iPhone X

Monday, August 6, 2018


                    සංස්කෘතිය සහ ජනප්‍රිය සංස්කෘතිය






           සංස්කෘතිය යන සංකල්පය සමාජ විද්‍යාව තුළ මෙන්ම මානව විද්‍යාව තුළ ද ඉහළ වටිනා කමක් උසුලන හා සාකච්චාවට ලක් වෙන වැදගත් සංකල්පයක් ලෙස හැදින්විය හැකිය.  සෑම සමාජයකටම ආවේනික වූත් අනන්‍ය‍ වූත් සංස්කෘතියක් ඇති අතර එය අවියෝජනීය සාධකයක් වේ.

      උදා.. 1. ප්‍රාථමික සමාජ
               2. ගැමි සමාජ
               3. නාගරික සමාජ  ...........

මිනිසා සමාජීය සත්වයෙකු වන අතර සෑම මිනිසෙකුම තම සංස්කෘතිය නියෝජනය කරනු ලබන නියෝජිතයෙකු ලෙස සැළකේ.

              මිනිසාට සංස්කෘතිය විශ්වීය වටිනාකින් යුතු ප්‍රපංචයක් වන අතර එය මිනිසාත් තිරිසන් සතුන් අතරත් ඇති පරතරය පෙන්වා දෙන සාධකයකි. එබැවින් '' මිනිසා සංස්කෘතික පරිසරයක් තුළ ඉපදී හැදීවැඩී මිය යන සත්වයෙක් ලෙස හැදින්විය හැකිය.'' සංස්කෘතිය යනු ගතික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි .එයින් අදහස් වන්නේ සංස්කෘතිය යන්න නොකඩවා වෙනස් වෙමින් පවතින බවය .සංස්කෘතිය යන වචනය නිර්මාණය කර ඇත්තේ ඉංග්‍රීසියෙන් යෙදෙන culture පදයට අනුරූපීව ය .සමාජ හා මානව විද්‍යාඥයකු වූ එඩ්වඩ් ටයිලර් විසින් දක්වා ඇති පරිදි සංස්කෘතිය යනු දැනුම ,ඇදහිලි , විශ්වාස ,කලාව, සදාචාරය ,නීතිය සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් විසින් සාක්ෂාත් කරගත් හුරුපුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ සමස්තයයි .1936 දී රැල්ෆ් ලින්ටන් විසින් දක්වා ඇති පරිදි ,සංස්කෘතිය යනු සාමාජිකයන්ගේ ජීවන ක්‍රමයට එනම් ඔවුන් විසින් ඉගෙන එක්රැස් කොට ගන්නා වූ බෙදාහදාගන්නා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු අදහස් උදහස් වලට හා හුරු පුරුදු වලට ය.

                                               මිනිසා සමාජීය සත්වයෙකු ලෙස හිමිකර ගෙන ඇති දැනුම හා අනෙකුත් දක්ෂතාවයන් හා හුරුපුරුදු යන සියල්ල ඔහු විසින් අයත් කරගෙන ඇත්තේ සමාජානුයෝජන ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස සංස්කෘතියෙනි.ඒ අනුව සංස්කෘතිය සමාජ උරුමයක් ලෙසද හැදින් විය හැකිය. 



සංස්කෘතියක දැකිය හැකි ලක්ෂණ


01.සංස්කෘතිය ඉගෙනගත්දෙයකි.                                                                                                 
 02. සංස්කෘතිය යනු සමාජීය ව්‍යුහයකි. 
                               03. සංස්කෘතිය සම්ප්‍රේෂණය වන්නකි.
                                04. සංස්කෘතිය පොදු දෙයකි.
                                05.සංස්කෘතිය ගතිජය.
                                06. සංස්කෘතිය කොටස්වලට බෙදා වෙන්     කළ නොහැකිය.                               
                                   
                  
  සංස්කෘතිය යනු හුදෙක් සමාජයක සාමාජිකයන් විසින් බෙදාගනු ලබන චර්යාවිදි සමුදායක් ලෙස හැදින්විය හැකිය.සමාජය යනු පොදු සංස්කෘතියක් බෙදාගනු ලබන මානව සමුහයකි.ඔවුන්ගේ අන්තර් ක්රියාවන් සියල්ල ඔවුන්ගේ සංස්කෘතිය මත රැදී පවතී.සමාජය පළමුව ගොඩනැගෙන අතර දෙවනුව සංස්කෘතිය ගොඩනැගේ.මෙවැනි සමාජයන් තුළ වසන මිනිසුන්ගේ අන්තර් යාවන් විශාල වශයෙන් අර්ථවත් වන්නේ සංකේතාත්මක චර්යා ලෙසයි. මෙම සංකේතාත්මක් චර්යාව වුකළී සංස්කෘතියයි.  මීට අමතරව සමාජය තුළ මෙ‍ම කාර්යට උර දෙන විවිධ සමාජ සංස්ථාවන්ද දැකිය හැකිය. ආර්ථීකය,විවාහය, ආගම වැනි මෙම විවිධ සංස්ථා ඵකිනෙකට වෙනස් කාර්යන් සිදුකරන අතරම විවිධත්වයෙන් යුතු සංස්කෘතික ලක්ෂණද පෙන්නුම් කරයි.අවසාන වශයෙන් සංස්කෘතිය, මිනිස් සමාජයේ  ක්‍රියාත්මක  වන්නාවූ විවිධත්වයෙන් යුතු යම් ක්‍රියා පිළිවලක් ලෙස දැක්විය හැකිය.සමාජය විසින් සම්මත කරගත් ඵවැනි මාර්ගවලින් පිට පැනීම සංස්කාතියෙන් පිට පැනීමක් වන අතරම ඵය සමාජීය මෙන්ම සංස්කෘතික අසමානතාවයන් ඇති කිරීමටද සමත් වේ.    සෑම සමාජයකටම සංස්කෘතියක් හිමිවේ.ඵම සෑම සංස්කෘතියක්ම ඵකිනෙකින් වෙනස්වන අතරම ඵකිනෙකට අසමානවේ.කෙසේ නමුත් මේ සියලු අසමානතා අතර පොදු සමානතාවන්ද ඇති බව ඵ් පිළිබද සමීප අධ්‍යනයකදී පෙනේ.


ජනප්‍රිය සංස්කෘතිය යනු ලෝකයා විසින් බෙදා ගත් ක්‍රියාදාමයක් සහ විශ්වාසයන් සමූහයක් වේ.ජනප්‍රිය සංස්කෘතිය වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙයි.ජනප්‍රිය සංස්කෘතිය යනු ජනමාධ්‍ය මගින් සමාජ ගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බදුණු චර්යාවන් එක් වීමෙන් සෑදුනු සමාජ සස්කෘතික ස්වරූපයකි.


ජනප්‍රිය සංස්කෘතිය යනු එක් අතකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් ද තවත් අතකින් ජනමාධ්‍ය ද තවත් පැත්තකින් පාරිභෝගික ජනතාව ද එක්වීමෙන් සෑදුනු ක්‍රියාවලියකි.
§  බහුජන සංස්කෘතිය උපරිම තලය ජනප්‍රිය සංස්කෘතිය යි.
§  සන්නිවේදන තාක්ෂණයේ සබැදි සංස්කෘතියක් වේ.
§  ජනප්‍රිය සංස්කෘතිය නිරමාණයට වඩා නිෂ්පාදනයක් ය.
§  ජනප්‍රිය සංස්කෘතිය අතරිත්තයක් සහිතය.
§  ජනප්‍රිය සංස්කෘතිය පහසුවෙන් පරිභෝජනය කළ හැකි ය.
§  මාධ්‍ය වෙළද පොළේ ක්‍රියාකාරිත්වය.

ජනප්‍රිය සංස්කෘතියට විවිධ අංග ඇතුළත් වේ.
කුමන හෝ නව අංගයක් ඇතුළත් කර ගැනීමට ඕනෑම අවස්ථාවක ඉඩකඩ ඇත.ව්‍යාපාරයන්ගේ අභිමතය පරිදි මාධ්‍ය වෙළද පොළට නව අංග ඇතුළත් කිරීම් කාර්යය ඉටු කරනුයේ බහුජන මාධ්‍ය කරුවන් විසින් ය.බහුජන සංස්කෘතියේ සෑම අංගයක්ම නිර්මාණය වී ඇත්තේ , පාරිභෝගික ජනයා හසු කර ගැනිමේ පරමාර්ථයෙන් ය.බහුජන සංස්කෘතියේ විවිධ අංග තේරුම් ගැනීම පවා පාරිභෝගික ජනයාට අපහසු ය.බහුජන සංස්කෘතියේ විවිධ අංග ව්‍යාපාරිකයන් හා බහු ජන මාධ්‍ය විසින් නිර්මාණය කරන අතර පාරිභෝගික ජනයා ඒවා භාර ගනී.ජනප්‍රිය සංස්කෘතිය අන්‍යාන්‍ය ක්‍රියාකාරිත්වයකින් යුක්තය.නව භාණ්ඩ හා ‍සේවා ව්‍යාපාරිකයින් විසින් නිපදවන අතර ඒවා ජනප්‍රිය සංස්කෘතියේ කොටස් කරුවන් ය.ජනප්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යන්නේ පාරිභෝගික ජනතාවය.ජනප්‍රිය සංස්කෘතියේ වාසි ලබන්නේ , ව්‍යාපාරිකයන් හා බහුජන මාධ්‍ය විසින් ය.ජනප්‍රිය සංස්කෘතිය කාලීනව විවිධ හැඩ රුව ගැන්වීම බහු ජන මාධ්‍ය විසින් කරනු ලැබේ.ජනප්‍රිය සංස්කෘතියේ ඇති කරනු ලබන විවිධ නව හැඩ ගැන්වීම් කැමැත්තෙන් භාර ගන්නට පාරිභෝගික ජනතාව සූදානමින් සිටී.