Search This Blog

Monday, September 17, 2018

                                        ලාංකීය ගුවන්විදුලියේ ආරම්භය






ලෝක සන්නිවේදන ඉතිහාසය අලුත් මගකට යොමු කල සොයාගැනීමක් බවට ගුවන් විදුලිය පත් වුයේ එමගින් සිදු වු සමාජ වෙනස නිසාය .ලෝකයේ ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ වී කෙටි කාලයක් යන විට ලංකාවේ ද ගුවන් විදුලිය ආරම්භ විය .1920 පමණ වු කාලයේ සිටම ලංකාවට ගුවන් විදුලිය හදුන්වා දීම පිළිබදව සාකච්චා පවත්වා ඇත .  1922 වර්ෂයේදී ලංකා වයර්ලස් සංගමය පිහිටුවා ගෙන ඇත .1923 වර්ෂයේදී මෙහි නම ලංකා ආධුනික රේඩියෝ සමාජය ලෙසින් වෙනස් කෙරුණි .මෙමගින් ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරය සදහා බලපත්‍ර ඉල්ලා සිටින ලදී .ඒ අනුව එවකට ලංකාවේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු වරයා  වු එඩ්වඩ් හාපර් ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ පිළිබදව සොයා බැලීමට පත් කරන ලදී .එම කමිටුව මගින් පහත සදහන් කරුණු පිළිබදව සොයා බලන ලදී .


I.        ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ කල යුතුද ?
II.        එය ආරම්භ කල යුත්තේ රජය මගින්ද ,පෞද්ගලිකවද ?
III.        පෞද්ගලිකව නම් බලපත්‍ර නිකුත් කල යුත්තේ එක් සමාගමකටද ,සමගම් කිහිපයක
IV.        ගුවන් විදුලි කටයුතු පාලනය කිරීම සදහා මණ්ඩලයක් පත් කල යුතුද එසේනම් එය තෝරා ගත යුත්තේ කෙසේද ?
කෙසේ නමුත් රජය මෙරට ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු පෞද්ගලික අංශයට ලබාදීමට කැමති නොවිය .එම නිසා ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ කලයුත්තේ තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ බව රජයේ තීරණය විය . මෙම පසුබිම යටතේ එඩ්වඩ් හාපර් ගුවන් විදුලි ට්‍රාන්ස්මිටරයක් සැදීම ආරම්භ කළේය .ඒ අනුව 1924 ජුනි 27 වන දින එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි මැනින් ලංකා ඉංජිනේරු සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර ඇති අතර එය ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි විකාශය ලෙස සනිටුහන්  වී ඇත.එම විකාශය ඉතිහාසයට එක් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත වල පළමු හා ආසියාවේ පළමු ගුවන් විදුලි විකාශය ලෙසයි .



ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි ප්‍රචාරක මධස්ථානය ආරම්භ කර ඇත්තේ 1925 වර්ෂයේ දෙසැම්බර් 16 වන දිනය .එලෙස විකාශය කරන ලද වැඩසටහන් වලට බටහිර සංගීතය ,කාලගුණ වාර්තා ,වෙළද තොරතුරු ඇතුලත්ව ඇත .එම කාලය තුළ ගුවන් විදුලි බලපත්‍ර ලබාගැනීම ආරම්භ කර ඇත .එ අනුව 1925 ජුලි මාසයේ ගුවන් විදුලි බලපත්‍ර 129ක් නිකුත් කර ඇත .කල්යත්ම ගුවන් විදුලිය තුලින් නාට්‍ය ප්‍රචාරය ද ආරම්භ කර ඇත . “වයර්ලස් ඩර්මා”එලෙස ප්‍රචාරය කරන ලද පළමු නාට්‍ය වෙයි .1927 වර්ෂයේදී ක්‍රීඩා තොරතුරු සහ පුවත් විකාශයද ආරම්භ කර ඇත .එම වර්ෂයේදීම ප්‍රථම සජීවී සිංහල සංගීත වැඩසටහන ප්‍රචාරය කර ඇත .


ලංකා ගුවන් විදුලියේ මුල් යුගය නියෝජනය කරන ලද නිවේදකයන් අතර අන්ඩසන් ,එල් .ආර් විජේමාන්න ,ඩ්.ඇම්.කොලබගේ ,ඩ් .ටි.එල් ගුරුගේ ,කරුණාරත්න අබේසේකර ,එස් නටරාජා ප්‍රමුඛත්වය ගනී .බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා නිර්මාණය කරගත් ගුවන් විදුලියේ මවු භාෂාව බවට පත් වුයේ ඉංග්‍රීසි භාෂාවයි .ගුවන් විදුලිය තුලින් ප්‍රථමයෙන්ම සිංහල භාෂාවෙන් කතාවක් සිදුකර ඇත්තේ බම්බලපිටියේ වජිරාරාමධිපතිව වඩා විසු පැලෑනේ සිරි වජිරඥාන හිමියන් හටය .ඒ 1928 අප්‍රේල් 21 වන දාය .1932 දක්වාම ප්‍රධාන ඉංජිනේරු වරයා ලෙස කටයුතු කලේ හාපර් මහතාය .1935 වන විට ලංකාවේ ගුවන් විදුලි බලපත් හිමියන් ගණන 3053 දක්වා වර්ධනය වී තිබුණි .


බ්‍රිතාන්‍ය මුලික කරගෙන බිහිවූ ලංකාවේ ගුවන් විදුලිය තුළ විකාශය වු වැඩසටහන් එම ආකෘතිය අනුවම බිහිවිය .ගුවන් විදුලිය තුලින් විකාශය වු බොහෝ වැඩසටහන් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය වන වැඩසටහන් විය .ගුවන් විදුලියේ විකාශය වු සංගීත වැඩසටහන්ද ඉංග්‍රීසි වැඩසටහන් විය .එම වැඩසටහන් සිංහල සහ දෙමල මාධ්‍යයෙන් විකාශය වුයේ ගුවන් විදුලිය ආරම්භ වී බොහෝ කාලයකට පසුවය .මෙහිදී බටහිර සංගීත තැටි එංගලන්තයෙනුත් දෙමල සංගීත තැටි ඉන්දියාවෙනුත් ලබාගත් අතර සිංහල ගීත ඇතුලත් සංගීත තැටි ලබාගත්තේ එම තැටි නිපද වු කාර්ගිල්ස් ,මිලර්ස් වැනි සමාගම් වලින්ය .මුල් කාලින යුගයේ සිංහල ගීත ගයනා කරන ලද ගායකයින් අතර බි .එඩි  ද සිල්වා ,කෝකිලා දේවි ,සුසිලා ජයසිංහ ,රුක්මනී දේවි ,එස් .ඒ ලතිෆ් ප්‍රමුඛ වෙයි .

සිංහල සංගීතයට විප්ලවීය වෙනසක් කිරීමට ආනන්ද සමරකෝන් මහතා සමත් වන්නේ මෙම පසුබිම තුළය .ඉන්දියාවේදී රවින්ද්‍රනාත් තගොර්ගෙන් සංගීතය හදාරා මෙරටට පැමිණි ආනන්ද සමරකෝන් නව ආරකට අනුව ගීත ගායනා කිරීම ආරම්භ කළේය .එම කාලය තුළ ඔහුත් සමග තවත් ශිල්පින් කිහිප දෙනෙකු එකතු විය .ඔහුන් නම් කුමාරතුංග මුනිදාස ,රැපියල් තෙන්නකෝන් ,සුනිල් ශාන්තය .1941 වන විට ගුවන් විදුලි බලපත් හිමියන්ගේ සංඛාව 10 000 ඉක්මවා තිබුණි .දෙවන ලෝක යුද්දය ආරම්භ වීමත් සමග 1942 වන විට එය දකුණු ආසියාව දක්වා ව්‍යාප්ත විය .එම නිසා කොළඔ ටොරින්ටන් ප්‍රදේශයේ තිබු ගුවන් විදුලි සංස්ථ ගොඩනැගිල්ල යුද කදවුරක් ලෙස භාවිතයට ගන්නා ලදී. එම නිසා තාව කාලිකව ගුවන් විදුලි මධ්‍යස්ථානය කොළඹ බොරැල්ලේ කොටා පාරේ පිහිටි බවර් ගොඩනැගිල්ලට 1942 දී රැගෙන ගොස් ඇත .මෙම කාලයේ නිපදවන ලද වැඩසටහන්වල මුලික අරමුණ බවට පත් වුයේ යුද්දය පිළිබද තොරතුරු ජනතාවට ලබා දීමයි .කෙසේ වෙතත් මෙම කාලය තුළ සංගීත ගී තැටි 324 ක් ගුවන් විදුලි ය විසින් නිපදවා ඇත .