Search This Blog

Wednesday, June 27, 2018


                                                          එතෙර  රටක ජනමාධ්‍ය








නූතන ලෝකයේ රාජ්‍යයන්  වල බලය හසුරුවන සිව්වන බලකණුව බවට අද වන විට ජනමාධ්‍ය පත්ව ඇත. ලෝකයේ බලය පැවතිය යුත්තේ කවුරුන් අතද  එය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව වර්තමාන ලෝකයේ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනමාධ්‍ය විසින් . මැතිවරණ අවස්ථා වලදී ජනමාධ්‍ය අද වන විට ප්‍රබල  බලපෑමක් කිරීමට සමත්ව ඇති ආකාරය දැකගත හැකිය . පුවත්පත් ,ගුවන්විදුලිය, රූපවාහිනිය ප්‍රදාන ජනමාධ්‍යක්  ලෙස ජනතාව අතර කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. විල්බර් ශ්රාම් ප්‍රකාශ කරන්නේ ජනමාධ්‍ය තොරතුරු සම්පාදකයකු, ගුරුවරයකු, මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන බවයි.ජනමාධ්‍ය මගින් සිදුකරන්නේ තොරතුරු ලබාදීම පමණක් නොවේ ජනමාධ්‍ය පාලකයන් හා ජනතාව අතර සම්බන්ධතා ගොඩ නගන පාලමක් බවට පත්විය යුතුය.


කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට  අයත් රාජ්‍යකි . ඉන්දියන් සාගරයෙහි සමකය මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් , ඊසාන දිගින් සෝමාලියාවෙන් , දකුණු දෙසින් ටැන්සානියාවෙන් , බටහිරින් උගන්ඩාව හා වික්ටෝරියා විලෙන් , වයඹ දිගින් සුඩානයෙන් මායිම් පවතී. මෑත කාලවකවානුවේ දී,එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන 38 දක්වා වූ සිග්‍ර වර්ධනයක් දක්නට ලැබේ. දහස් ගනන් සත්ත්ව විශේෂයන් ගෙන් සමන්විත වන සත්ත්ව සංචිතයක්ද මෙරටෙහි දැකගත හැකිය.මෙරටට 'කෙන්යාව' යන නම ලැබී ඇත්තේ අප්‍රිකාවේ ගිරිකුළු අතරින් දෙවන ස්ථානය ගන්නා වූද, 'කෙන්යා' නම් වූ කන්දෙහි නාමය මෙරටට ආරෝපනය කර ඇති හෙයිනි. මෙම කන්දෙහි නාමය මෙන්ම මෙරටෙහි නාමයද ස්වදේශිය උච්චාරණයට අනුව 'කෙන්යාව' විය යුතු වුවද ඉංග්රිසි බසින් මුල පටන් , සාමාන්‍යයෙන් උච්චාරණය කරන ලද්දේ 'කිනියා' යනුවෙනි. වර්ෂ 1960 ගණන්වල ජොමෝ කිනියාවා ජානාධිපතිවරයා සිටි කාලයේ දී පරිවර්තන ඉණ්ග්‍රිසි  උච්චාරණය වූ 'කෙන්යා' යන්න බෙහෙවින් ප්‍රචලිත  විය.ඊට හේතු වුයේ ඔහුගේ නාමයෙහි දේශිය උච්චාරණය ගැබ්ව තිබු හෙයිනි. දැනට කෙන්යාව යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රදේශය වසර 1920 පෙරදී හැඳින්වූයේ 'බ්‍රිතාන්‍යයට  අයත් නැගෙනහිර අප්‍රිකානු ආරක්ෂිත රාජ්‍ය වශයෙනි.


ජනමාධ්‍ය යනු අද වන විට තොරතුරු සමාජයට ගෙන යන ප්‍රධාන වාහකයා බවට පත්ව ඇත .එය සමාජයට විශාල ලෙස බලපෑම් කිරීමේ හැකියාවකින් යුක්ත බව අද වන විට පෙනී ගොස් ඇති කරුණකි .කෙන්යාවේ ජනමාධ්‍ය පිළිබඳව අවධානය යොමු කරන විට ප්‍රධාන වශයෙන් මුළු රටම ආවරණය වන එකම විකාශනය බවට කෙන්යානු ගුවන් විදුලි සංස්ථාව පත්ව ඇත. මීට අමතරව නයිරෝබි අග නගරයට පමණක් සීමා වී ඇති පෞද්ගලික රේඩියෝ හා රූපවාහිනී නාලිකා ගණනාවක් ඇත. කෙන්යාවේ මාධ් නියාමනය කරනු ලබන්නේ කෙන්යාවේ ජනමාධ්‍ය කවුන්සලය විසින් .

කෙන්යාවේ ප්‍රධාන ගුවන් විදුලි නාලිකා කිහිපයක් ලෙසk.m.c , පුරවැසි FM,  කිල්ඩ් fm,ක්ලැසික් fm , metro fm ,හඳුන්වා දිය හැකිය.KBC,NTV,KTN ,පුරවැසි tv,K24 යන රූපවාහිනී නාලිකා කෙන්යාවේ විශාලතම රූපවාහිනී නාලිකා ලෙස හැඳින්විය හැකිය. කෙන්යාවේ සන්නිවේදන කර්මාන්තයේ සාදන නියාමන අධිකාරිය වන කෙන්යාවේ සංනිවේදන කොමිෂන් සභාව විසින් රේඩියෝ හා රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීම හා නියාමනය සිදු කරයි. DALY NATION,STANTET KENYA,  KENYA ,KENYA TIMES  ප්‍රධාන පුවත්පත් ලෙස භාවිතා වෙයි . අල් ජසීරා ,BBC,   කෙන්යාව තුළ ක්‍රියාත්මක වේ.
කෙන්යාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය දෙස බලන විට  ජනමාධ්‍ය නගර හා   ආශ්‍රිත ප්‍රදේශවල සීමා වීම දැකගත හැකිය. එයට හේතු  වන්නේ විදුලි බලය එම ප්‍රදේශවලට පමණක් සීමා වී තිබීමයි .කෙසේ නමුත් ලංකාවට තවම සම්පූර්ණ කරගැනීමට නොහැකි ඉලක්කයක් බවට පත්ව ඇති රූපවාහිනී ඩිජිටල්කරනය කෙන්යාව විසින් 2015 වසරේ දී සිදුකරන ලදී . ග්‍රාමීය ප්‍රදේශවල විදුලිය නොමැති බැවින්  රටේ බවට ගුවන්විදුලිය පත්ව ඇත.කෙන්යාවේ ජනමාධ්‍ය නියාමනය කිරීමේ හා ජනමාධ්යවේදීන්ගේ හැසිරීම, හික්මීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ආයතනය වන්නේ කෙන්යානු මාධ් කවුන්සිලයයි.



No comments:

Post a Comment