දස්කොන් සකි සඳ
......
සක්මන් කරන මළුව පාළුයි දේවි
මං විතරයි ඔබ කිසි දිනෙක නොඑවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසද මා ඔබේ කුමාරි
සෙංකඩගල වටකල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහගුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හදපානේ
අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ
වාසල මිනිබැදි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කදුළු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ
ශ්‍රී ලංකාවේ කන්ද උඩරට සෙංකඩගල නුවර ශ්‍රී වීර පරාක්‍රම
නරේන්ද්‍රසිංහ රජතුමාගේ පාලන සාමය තුළ සිදු වූ සිදුවීම් පෙලක් පාදක කරගෙන රත්නත් ශ්‍රී විජේසිංහයන් විසින් මෙම
ගීතය රචනා කර ඇත .රත්නත් ශ්‍රී, ලාංකීය ගීත කලාව තුළ නොමැකෙන සටහනක් තැබූ ගී පද රචකයෙකි .ලාංකීය ප්‍රවීන
ගායක ගායිකාවන්ට බොහෝ ගීත රචනා කරන ලද ගී පද රචකයෙකි .ඔහුගේ ගීත තුළ අපුර්ව
වූ කලාවක් දැකගැනීමට හැකිය .
මෙම ගීතය ගායනා කරන්නේ කරුණාරත්න
දිවුල්ගනේ සහ සමිතා එරන්දතී මුදුන් කොටුවයි .මොවුන් දෙදෙනා මම ගීතයට ගායනය තුලින්
සාධාරණයක් ඉටු කිරීමට සමත්ව ඇත .දිවුල්ගනේ යනු ලංකාවේ ප්‍රවීන ගායකයෙකි .සමිතා මෙම
ගීතය ගායනා කරන්නේ ඇය ගායනයට යොමු වූ මුල් අවදියේය .මෙම ගීතයේ සංගීතය ලංකාවේ ප්‍රවීන
ගායකයෙකු වන ගුණදාස කපුගේ මහතා විසින් සපයා ඇත .ඔහු මෙම ගීතයට සංගීතය මගින්
සාධාරණයක ඉටු කර ඇත .
අනියම් වූ ප්‍රේමයක් මුල්කරගෙන
නිර්මාණය වූ මෙම ගීතයෙන් කියවෙනේ විරහවේ වේදනාවයි. තමා ආදරය කරන ආදරවන්තයගේ වෙන් වීමේ දුක මෙම ගීතයට පදනම් වී ඇත.
මෙම ගීතය සදහා පදනම සකස් කරන්නේ
දස්කොන් කතා පුවතයි .එම නිසා ගීතය අවබෝද කරගැනීමට නම් එම අතීත කතා පුවත දැන සිටිය යුතුය .දෙවන රාජසිංහ
රජතුමා රජ කරන සමයේදී ලැනරෝල් නමැති ප්‍රංශ ජාතික සෙන්පතියා උඩරට රාජධානියට
පැමිණෙයි .ඔහු රජතුමා හමුවන අතර මේ සාමය තුළ උඩරට හා ලන්දේසින් අතර ගැටුම් කාරී
භාවය වර්ධනය වෙමි පැවතිනි .මොහු කාලයත් සමග උටරට තම නිවහන කරගන්නා අතර උඩරට
තානාපති තනතුරකුත් හිමි වෙයි .පසු කාලීනව සිදුවූ සිදුවීමක් නිසා රජතුමා විසින් මොහුව සිරගත කරන අතර පසුව නිදහස්
කර මුහන්දිරම් තනතුරක් පිරිනමනු ලබයි .මොහු පෘතුගීසි ජාතික කාන්තාවක් හා විවාහ වන
අතර මොවුන් දෙදෙනාට ලැබුන දරුවන්ගෙන් එක් අයෙක් නම් ෆෙද්රු ගැස්කොන් වෙයි .රජුට
සෙංකඩගල ,හගුරන්කෙත ,කුණ්ඩසාලේ යන ස්ථාන තුනෙහිම මාලිගා
තිබී ඇති අතර මෙම පවුල ජිවත් වුයේ රජුගේ හගුරන්කෙත මාලිගාව අසලය .මේ නිසා
දස්කොන්ගේ සමවයසේ සිටි නරේන්ද්‍රසිංහ කුමරු සමග සමීපව ඇසුරු කිරීමට දස්කොන්ට හැකි
විය .
සුරියගොඩ හාමුදුරුවන් ඇසුරු කරමින්
සිංහල භාෂාව ප්‍රගුණ කිරීමට දස්කොන් සමත් වූ අතර ජුසේවාස් පියතුමාගෙන් පෘතුගීසි
භාෂාව සහ කතෝලික දහම ප්‍රගුණ කළේය .දෙවන රාජසිංහ රජතුමා 1634 සිට 1686 දක්වා රට පාලනය කරන අතර එතුමාගෙන් පසු
රාජත්වයට පත් වුයේ දෙවන විමලධර්ම සුරිය රජතුමාය .එතුමාගෙන් පසු රජ වුයේ ඔහුගේ පුත්
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ය .ඒ 1707 දිය .මෙතුමා සිංහලේ අවසන් රජතුමා ලෙසද සැලකේ
.නරේන්ද්‍රසිංහ රජතුමා කලහකාරී පුද්ගලයෙක් මෙන්ම කෙළිලොල් කෘෘර ,සුරාවට හා ස්ත්‍රීන්ට ලොල්වූ
පුද්ගලයෙක් නිසාම සෙල්ලම නිරිදු ලෙස හදුන්වා ඇත .පිය රජතුමා විසින් රජුගේ බිසව ලෙස
කුමරියක් තෝරා තුබූ අතර 1708 දී එම ඉන්දියානු කුමරිය එනම් ප්‍රමිලා දේවිය
රජතුමා විවාහ කරගන්නා ලදී . දස්‌කොන් තුළ පැවැති ශෘංගාරාත්මක කවි කීමේ හැකියාව රජ
වාසල වැසියන්ගේ සිත් ගත්තේය. එපමණක් නොව ඔහුගේ කඩවසම් බවට බිසෝවරුන්ගේ මන ඇදුනේය.
ප්‍රමිලා බිසව ඒ අතර ප්‍රධාන කෙනෙකි. රජු
උඩරට රදලයන් සමඟ සබඳකම් පැවැත්වීමට අකැමැති වූ බවක් පෙනේ. ඔහුගේ ජීවන රටාව නරක්
වුණේ විදේශිකයන් ඇසුරට පත්වීම හේතුවෙනි. මෙරට ජාතික හා ආගමික පරිසරය වෙනස්‌වීම
කෙරෙහි ද එය බලපෑවේය. ඒ සඳහා කුමන්ත්‍රණ ද දියත් විය. නරේන්ද්‍රසිංහ රජුට
ඉන්දියාවෙන් බිසොවක් ගෙනෙන්නට මැදිහත් වූයේ ද රජවාසල ඇසුරේ සිටි විදේශිකයන්ය. උල්
සිටවූ වළක දමා රජු මැරවීමට පවා සිංහලයන් පෙළඹුණේ ඔහු විදේශිකයන්ට අවනතවීම ගැන
ඇතිවුණ නොසතුට හේතුවෙනි.පසු කාලයක රජතුමා තම රාජධානියේ අධිකාරම් ධුරය දස්කොන්ට
ලබාදෙයි.
මොණරවිල පරපුරට අයත් කුලකතක් ද රජ
මෙහෙසියක ලෙස සිටි බව වාර්තා වන අතර ඉන්දියාවෙන් මෙහෙසියන් ගෙන ඒමෙන් පසු ඇය
රන්දෝලාව වෙනුවට යකඩ දෝලාවෙන් ගමන් යන පහළ මට්‌ටමකට පත්කර ඇත. රජුට දාව සාමාන්‍ය
කුලයක කාන්තාවකගෙන් උපන් කුමරකු සිටි බව ද වාර්තා වෙයි. උනනම්බුවේ බණ්‌ඩාර යනු එම
කුමරායි. කුල ප්‍රශ්නය නිසා ඔහුට රාජ්‍යය අහිමි විය. මාරවිල දිසාවගේ දියණියක ද රජ
බිසවක ලෙස සිටි අතර ඇයගේ පුත් කුමරුට පිළිමතලාවේ දිසාව නමින් තනතුරක් ලැබුණු
බව දැක්‌වෙයි.
දස්කොන් විදේශිකයෙකු වීමත් අධිකාරම්
ධුරයට පත් වීමත් නිසා සිංහල රදළ ප්‍රධානීන්ගේ දැඩි අකමැත්ත දස්කොන් වෙත එල්ල විය .විශේෂයෙන්ම
ජුසේවාස් පියතුමා සහ ගොන්සවෙල්ස් පියතුමාට උඩරට පහසුකම් සැලසීමට අවස්ථව උදාකර
දුන්නේ දස්කොන්ය .බුදු දහමට එරෙහිව පොත් රචනා කල ගොන්සලිස් පියතුමාගේ පොත්වල හරි
වැරදි බැලීම සිදුකරන ලද්දේ දස්කොන් විසින්ය .එමෙන්ම සරණංකර හිමියන්ට වසදීමට උත්සහ
කිරීම ,සුරියගොඩ හිමියන් ඝාතනය කිරීම යන චෝදනා
දස්කොන්ට එල්ල විය .එහෙත් රජු සහ දස්කොන් අතර පැවති සබදතාවය පළුදු වුයේ වෙනත්
හේතුවක් නිසාය .ඒ දස්කොන් සහ ප්‍රමිලා අතර පැවති අසම්මත ප්‍රේමය හෙළිවීම නිසාය .
එම ප්‍රේම කතාව හෙළිවන්නේ ප්‍රමිලා
බිසවට වැළදුන රෝගයක් සුව කිරීම සදහා කල බලි ශාන්ති කර්මයක් නිසාය .මෙම බලි ශාන්ති
කර්මය සදහා බිසවගේ රුවට සමාන බලියක් සැදීම සිදු කල යුතු විය .එම බලියේ අඩුපාඩු
දස්කොන් විසින් සොයා බලා බිසවගේ රහස් ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිබව දන්වා සිටියේය
.රජතුමා මෙය දැනගැනීමෙන් පසු දස්කොන්ට මරණ දණ්ඩනය නියම කරන ලදී .
මෙම ඉතිහාස කතාව පදනම් කරගෙන රත්නත් ශ්‍රී
විජේසිංහ විසින් මෙම ගීතය රචනා කර ඇත .මෙම ගීතයේ ආරම්භයේදී පවසන්නේ සක්මන් කරන
මළුව පිලිබදවයි .සක්මන් කරන මළුව යනු රජ මාලිගයේ රජංගනයෙහි ඇති උද්‍යානයයි
.දස්කොන් සහ ප්‍රමිලා අතර ආදර සම්බන්දතාවය ඇතිවන්නේ සක්මන් කරන මළුවේදී ය .කවියා
ප්‍රකාශ කරන්නේ අද සක්මන් කරන මළුව පාළු බවයි .එලෙස සක්මන් කරන මළුව පාළු විමට නම්
මෙම දෙදෙනා සැම දිනයක වගේම සක්මන් කරන මළුවේදී හමුවිය යුතුය .ඒ සදහා වන වට පිටව ඒ
වන විට සැකසී තිබුණි .එනම් දස්කොන් කුඩාකාලයේ සිට ජිවත් වුයේ හගුරන්කෙත මාලිගාව
අවටය .රජතුමා සෙංකඩගල මාලිගාවේ ජිවත් වුවද ප්‍රමිලා ජිවත් වුයේ හගුරන්කෙත
මාලිගාවේය.මේ නිසා මොවුන් දෙදෙනාට සක්මන් කරන මළුවේදී පහසුවෙන් හමුවීමට අවස්ථාව
උදාවිය . මෙලෙස මෙම දෙදෙනා සක්මන් මළුවේදී නිතර හමු වීම ප්‍රේමයක් බවට පත් වුවා
විය හැකිය .දස්කොන් භාෂා කිහිපයක්ම හොදින් දන්නා පුද්ගලයෙකි .එසේම කවි කරණයට
දක්ෂයෙකි .දස්කොන් විසින් ප්‍රමිලා බිසවට කවි ලියා ඇති අතර ඒවාට ප්‍රමිලා බිසවද
උත්තර සපයා ඇත .ඒ තුලින් ගම්‍ය වන්නේ බිසව තුලත් කවි ලිවීමේ හැකියාවක් පවතී බවයි
.එලෙස මෙම දෙදෙනා විසින් ලියන ලද කවි කිහිපයක් පහත දක්වා ඇත .
යන්නෝ මෙමග රැ දහවල තොර වෙත්ද ?
බොන්නෝ මේ ගග දිය බොර කරලා යත්ද ?
දෙන්නේ පහස හෙට අඩගහලා දෙත්ද ?
දන්නෝ උපා මිනි බැදී දොර නාරිත්ද?
ප්‍රමිලා විසින් දස්කොන්ට ප්‍රේමයේ
වේලීමට ආරාධනා කරයි .එය බිසව විසින් ප්‍රකාශ කරන්නේ කවියෙන්ය .එම කවියට දස්කොන්
මෙලෙස පිළිතුරු ලබාදෙයි .
අකුරු කලේ කුමටද නුවන මද ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවද ට වැනසෙති බඹරැ
කපුරු මලේ දැක දැක නොකරත් වියරු
හකුරු කැලයේ දියවී යන්න දමා තිබෙන බව
මම දනිමි , බඹරැ කපුරු මලට හසු වී විනාශ වී ගියද
මට ඔබව අතහැර දමා යාමට නොහැකි බව දස්කොන් ඇයට ප්‍රකාශ කරයි .මේ තුලින් දැකගැනීමට
හැක්කේ මෙම දෙදෙනා අතර තිබු ආදරයයි .මෙලෙස සක්මන් මළුවේ පෙම් කෙලිම රහසක් ලෙස තබා
ගැනීමට මොවුන් දෙදෙනාට නොහැකි විය .එය මාලිගයම දන්නා රහසක් බවට පත් විය.මෙවැනි කවි
බොහොමයක් මෙම දෙදෙනා හුවමාරු කරගෙන ඇත .
රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා ගුල්ලා
ඉහත දැක්වෙන්නේ අධිකාරම් විසින් ප්‍රමිලා
බිසව වෙත එවන ලද තවත් කවියකි .මෙයින්
කියවෙන්නේ කොතරම් කරදර බාදක පැවතියත් දස්කොන් ප්‍රමිලා හිමිකර ගන්නා බවයි .
රත්නත් ශ්‍රී ගීතයේ මීලග කොටස නිර්මාණය
කිරීමේදී භාෂාවේ අපුරත්වය මනා ලෙස යොදා ගෙන ඇත .සෙංකඩගල වටකළ පවුරු වළල්ලේ යන ගී
පද කොටසින් නරේන්ද්‍රසිංහ රජුගේ බල පරාක්‍රමය විදහා දක්වා ඇත.එනම් සෙංකඩගල වටකළ
පවුරු වලල්ලනම් උඩරට රාජධානියයි .මෙම රාජධානිය තුළ ඇත්තේ රජුගේ අනසකයි .රජුගේ බලයි
.ඒ බලයට මිනිසුන් පමණක් නොවේ සතා සිවුපාවුන් පවා යටත් බව රචකයා දක්වන්නේ පෙම් ගී
ගායනා කරනා විහගුන් උපමාවට අරගෙනය .රජුගේ බලය පිලිබදව කිසුවෙකුටවත් ප්‍රශ්ණ කිරීමට
නොහැකිය .පෙම් ගී ගායනා කරන ලද විහගුන් හැපී වැටුනේ සෙංකඩගල පවුර වලල්ළේය .දස්කොන්
ප්‍රමිලට පවසන්නේ ඔවුන් දෙදෙනාටද අවසානයේ සිදුවන්නේ මෙවැනි විපතක් බවයි .රන්තරු
දෑස පියන රැ හද පනේ යනුවෙන් රචකයා ප්‍රකාශ කරන්නේ තරු නිදන රාත්‍රියේ පවා මෙම
දෙදෙනා හමුවන බවයි .දස්කොන් සහ ප්‍රමිලා මෙලෙස හමුවනේ රාජකීය අණසක ඇති ප්‍රදේශයේය
.එය කොතරම් භයානකද?එහෙත්
ඔවුන්ගේ ආදරයට බාදා කිරීමට කිසිවකුට නොහෙකි බව එයින් හගවයි .
මෙම ගීතයේ ප්‍රමිලා අත්තන මලකට උපමා
කරයි .අවශ්‍ය නම් ගීත රචකයට ප්‍රමිලා වැනි සුන්දරත්වයෙන් පිරිපුන් කාන්තාවක් රෝස
මලකට ,පිච්ච මලකට උපමා කිරීමට තිබුණි .එහෙත්
එයින් ගීතයේ බලාපොරොත්තු වන අගය,අර්ථය සමාජයට ලබා දීමට නොහැකි වෙයි .අත්තන මල සුන්දරය .එසේම ප්‍රමිලාද
එලෙස සුන්දර කාන්තාවක් බව ගීත රචකයා දක්වයි .එහෙත් අත්තන මල විෂ සහිතය .ජිවිතයට
ගෙන එන්නේ විනාශයයි .ප්‍රමිලාද එසේය .කෙතරම් සුන්දර වුවත් කවදාක හෝ ඇය තමාට
ආවාසනාව ගෙන එන බව දස්කොන් නොදන්නවා නොවේ .එහෙත් අත්තන මලක් බදු ප්‍රමිලාගේ
සුන්දරත්වය විද ගැනීමට දස්කොන්ට අවශ්‍යය .තරු පවා නිදන රාත්‍රියේ මොවුන් හමුවන්නේ
ඒ අනතුරු දායක බව දැනගෙනය .එම සිදුවීම් පෙළ රත්නත් ශ්‍රී විජේසිංහ විසින් අපුරු
උපමා කිහිපයක් යොදාගෙන ගොඩනගා ඇත .ඒ තුලින් අතීත කතා පුවතට අපුරත්වයක් එකතු කොට ඇත
ප්‍රමිලා බිසව රජතුමාගෙන් ඈත වීමට හේතු
වී ඇත්තේ රජුගේ ක්‍රියාකලපයයි.එනම් රජු බිසව නොසලකා හැර ඇත .වෙනත් ස්ත්‍රීන්
පිළිබද ඇල්මක් දක්වා ඇත .එවිට ඕනෑම කාන්තාවක් වෙනත් පුරුෂයන් වෙත යාම සාමාන්‍ය
සිදුවීමකි .ප්‍රමිලාටද සිදු වුයේ එයය .රජුගේ ආදරය නොලැබෙන විට එම ආදරය සොයා ගියේ
දස්කොන්ගේන්ය .රජු අධික සුරාවට පුරුදු වූ පුද්ගලයෙක් විය .එමෙන්ම රජු සහ බිසව
ජිවත් වී ඇත්තේ මාලිගා දෙකකය .එහෙත් අගබිසවක් ජිවත් විය යුත්තේ රජු සිටින මාලිගවේය
.එම අවස්ථාව ප්‍රමිලට හිමි වුයේ නැත .
අවසන් කවියෙන් ගී පද රචකයා දක්වන්නේ
දස්කොන්ගේ ජිවිතයේ අවසානයි රජමාලිගයේ මහා වාසල දොරටු හැර දස්කොන් ගෙන යන්නේ කොතනටද
?මේ වන විට ඒ පිලිබදව දස්කොන් හොදින්ම දනී .ඒ තමන්ගේ ජිවිතයේ අවසන්
ගමනයි .අවසන් ගමනේ යාමට සිරගෙදර සිටිමින්ද දස්කොන් ප්‍රේම කලේ ප්‍රමිලටය .ප්‍රමිලා
බිසව දස්කොන් සිරගෙයි සිටින විට ඔහු වෙත ලියන ලද කවියක් පහත දැක්වෙයි .
සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද
තවත් විටක මෙම ගීතයේ අවසාන භාගය මෙලෙස
විග්‍රහ කල හැකිය.වාසල මිනි බැදී දොර හරින වෙලාවේ යනුවෙන් කවියා ප්‍රකාශ කරන්නේ
දස්කොන් මාලිගාවේ සේවයට පැමිණීම සහ බිසව සමග සම්බන්දතාවයක් ඇරඹීමයි .මෙලෙස ප්‍රමිලා සමග සම්බන්දතාවයක් දස්කොන්
අරඹන විට කිසිවිටකත් මෙවැනි අවසානයක් බලාපොරොත්තු නොවන්නට ඇත .දෑසින් වැටෙන කදුළු
මට සිහි නොවුනේ යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙයයි .එම ආදරය ඉක්මනින්ම අවසාන විය .එහෙත්
මතු සංසාරේ මෙම දෙදෙනාට යලි හමු වීමේ බාලපොරෝත්තුව ඇත .ඇය සමග මතු සංසාරේ යලි එකට
දිවි ගෙවන්නට ප්‍රමිලා දස්කොන්ට ආරාධනා කරයි .